කවුරුත් නොකියන BBQ රහස්: ගින්දරත් එක්ක හැප්පෙන්නේ නැතුව ලේසියෙන්ම අඟුරු පත්තු කරන්නේ කොහොමද?

  • Prabodha Madushan
  • 07 May, 2026

කවුරුත් නොකියන BBQ රහස්: ගින්දරත් එක්ක හැප්පෙන්නේ නැතුව ලේසියෙන්ම අඟුරු පත්තු කරන්නේ කොහොමද?


සති අන්තයේ පවුලේ අයත් එක්ක, එහෙමත් නැත්නම් හොඳම යාළුවො සෙට් එකත් එක්ක එකතු වෙලා බාබකියු (BBQ) සාදයක් දානවා කියන්නේ අපි කවුරුත් ආස කරන දෙයක්. සින්දුවක් කියාගෙන, හිනාවෙවී නිදහසේ ගත කරන ඒ වෙලාවට තියෙන ලොකුම අභියෝගය මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත්, අනිවාර්යයෙන්ම ගොඩක් දෙනෙක් දෙන උත්තරේ තමයි "අඟුරු ටික පත්තු කරගන්න එක."


ඇත්තම කතාව ඒකයි. BBQ එකක් දාන්න ගියාම ගොඩක් වෙලාවට වෙන්නේ මුළු වත්තම දුමෙන් පිරිලා, ඇස්වලින් කඳුළු පෙරාගෙන, කැස්ස හැදිලා ගින්දර පත්තු කරන්න දඟලන එක.
කොහොමහරි අමාරුවෙන් ගින්දර පත්තු කරගත්තට පස්සේ, ඊළඟට වෙන දේ ඊට වඩා කණගාටුදායකයි. ගින්දරේ රස්නය පාලනය කරගන්න බැරුව අන්තිමට බලද්දි මස් කෑල්ල පිටින් සම්පූර්ණයෙන්ම කළු වෙලා, කරවෙලා. හැබැයි ඇතුළත අමුවට. ඔබත් මේ අත්දැකීමට මුහුණ දීලා තියෙනවද?


ලෝකයේ ඉන්න ප්‍රවීණ කෝකියෝ (Chefs) එහෙමත් නැත්නම් BBQ විශේෂඥයින් මේ වැඩේ කරන්නේ හරිම නිදහසේ, කිසිම කලබලයක් නැතුව. ඒගොල්ලන්ට විතරක් තියෙන රහස මොකක්ද? අද අපි Coco Burnz බ්ලොග් එකෙන් කතා කරන්නේ කවුරුත් ලේසියෙන් එළියට නොදෙන, හැබැයි ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතුම BBQ රහස් 3ක් ගැනයි.



බොහෝ දෙනෙක් කරන ලොකුම වැරැද්ද: භූමිතෙල් පාවිච්චි කිරීම!


අපේ රහස් 3ට යන්න කලින් අපි කතා කරන්න ඕනේ ලංකාවේ ගොඩක් දෙනෙක් කරන ලොකුම වැරැද්දක් ගැන. ගින්දර පත්තු කරගන්න කම්මැලිකමට සහ ලේසියට ගොඩක් අය කරන්නේ අඟුරු ගොඩට භූමිතෙල්, පෙට්‍රල් හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය (Lighter fluid) වක් කරන එක. මේක බාබකියු කලාවේ තියෙන ලොකුම පාපයක් විදියටයි සැලකෙන්නේ.


ඇයි අපි එහෙම කියන්නේ? භූමිතෙල් පිච්චෙනකොට නිකුත් වෙන කළු පාට දුමාරයේ අඩංගු වෙන විෂ රසායනික වායු කෙලින්ම උරාගන්නේ අපි කන්න ලෑස්ති කරපු මස් කැබැල්ලටයි. මේවා පිළිකාකාරක (Carcinogens) වන අතර සෞඛ්‍යයට අතිශයින්ම භයානකයි. ඒ වගේම කොච්චර වටිනා මස් කෑල්ලක්, කොච්චර රසට පදම් කරලා (Marinate කරලා) ගත්තත්, අන්තිමට ඒක කටේ තියන්න බැරි තරමට භූමිතෙල් ගඳක් එන්න ගන්නවා. ඒ නිසා අදම ඒ පුරුද්ද අතහරින්න.


එහෙනම් කොහොමද අපි ලේසියෙන්ම අඟුරු පත්තු කරගන්නේ? මෙන්න පළවෙනි රහස!


රහස 01: භූමිතෙල් නැතිව, කෑම තෙල් සහ පත්තර කොළයකින් අඟුරු පත්තු කරන හැටි


ගෙදර තියෙන සරලම දේවල් දෙකකින් අපිට පුළුවන් කිසිම රසායනික ගඳක් නැතුව අඟුරු ටික ලස්සනට පත්තු කරගන්න. ඒකට අපිට ඕනේ වෙන්නේ පරණ පත්තර කොළයක් (නැත්නම් ටිෂූ පේපර් කිහිපයක්) සහ ගෙදර කෑම බැදලා ඉතුරු වුණු පාවිච්චි කරපු තෙල් (Used Cooking Oil) පොඩ්ඩක් විතරයි.


කරන ආකාරය පියවරෙන් පියවර:


  • පත්තර කොළය ගුලි කරන්න: මුලින්ම පත්තර කොළයක් අරගෙන බෝලයක් වගේ ගුලි කරගන්න. ගොඩක් තදට ගුලි කරන්න එපා, ඇතුළට වාතය යන්න ඉඩ තියෙන්න ඕනේ.


  • තෙල් එකතු කරන්න: දැන් මේ ගුලි කරපු කඩදාසිය උඩට අර පාවිච්චි කරපු කෑම තෙල් මේස හැඳි දෙක තුනක් වක් කරන්න. තෙල් ටික කොළයට හොඳින් උරාගන්න දෙන්න.


  • අඟුරු ගොඩ සකස් කරන්න: ඔබේ BBQ ග්‍රිල් එක මැදින් මේ තෙල් දාපු කඩදාසි ගුලිය තියන්න. ඊට පස්සේ ඒ කඩදාසිය වටේට සහ උඩින් පිරමීඩයක් (Pyramid) හැඩයට අඟුරු කැට ටික තියන්න. මතක තියාගන්න කඩදාසියට ගිනි කූරක් ගහන්න පොඩි ඉඩක් ඉතුරු කරන්න ඕනේ. අඟුරු ගොඩක් තදට තියන්න එපා, ගින්දර පත්තු වෙන්න ඔක්සිජන් (සුළඟ) අත්‍යවශ්‍යයි.


  • පත්තු කරන්න: දැන් කඩදාසියට ගිනි කූරක් ගහන්න.


මේ ක්‍රමය සාර්ථක වෙන්නේ ඇයි දන්නවද? පත්තර කොළයක් නිකම්ම පත්තු කළොත් ඒක තත්පර 10කින් පිච්චිලා ඉවර වෙනවා. ඒ රස්නය අඟුරු කැටයක් පත්තු වෙන්න මදි. හැබැයි අපි කෑම තෙල් දැම්මහම, ඒ කඩදාසිය ක්‍රියා කරන්නේ හරියට කුප්පි ලාම්පුවක තිරයක් (Wick) වගේ. කඩදාසිය නෙවෙයි පිච්චෙන්නේ, ඒකේ තියෙන තෙල් ටිකයි. මේ නිසා විනාඩි 10ක් 15ක් යනකම් එකම විදියට, සෙමින්, කිසිම දුමක් නැතුව ලොකු රස්නයක් එක්ක ඒ ගින්න දැල්වෙනවා. ඒ කාලය හොඳටම ඇති ඝනකම් අඟුරු කැටයක් වුණත් සම්පූර්ණයෙන්ම පත්තු වෙන්න!



රහස 02: මස් දාන්න ඕනේ නිවැරදිම උෂ්ණත්වය හඳුනාගන්නා හැටි (The White Ash Rule)


ගින්දර පත්තු කරගත්තට පස්සේ ගොඩක් දෙනෙක් කරන ඊළඟ වැරැද්ද තමයි, ගිනිදැල් උඩට එනකොටම කලබල වෙලා මස් ටික ග්‍රිල් එක උඩට දාන එක. ලොකු ගිනි දැල් උඩ මස් පිච්චුවොත් වෙන්නේ මස් එකේ පිටත ඉක්මනින් කරවෙලා යන එක විතරයි. නියම BBQ එකකදී මස් පිස්සෙන්න ඕනේ "ගිනි දැල්" වලින් නෙවෙයි, අඟුරු වලින් එන "ගිනි රස්නයෙන්" (Radiant Heat).

කොහොමද හරියටම වෙලාව අඳුරගන්නේ?


ඔබ පත්තු කරපු අඟුරු ගොඩ දිහා හොඳින් බලන්න. අඟුරු කැටය සම්පූර්ණයෙන්ම රත් පැහැ ගැන්විලා, ඒක වටේට සුදු පාට අළු තට්ටුවක් (White Ash) බැඳෙනකම් ඉවසීමෙන් ඉන්න. සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ අඟුරු වර්ගයක් මේ තත්ත්වයට පත් වෙන්න විනාඩි 15 - 20ක් විතර යනවා.
අඟුරු කැට ඔක්කොම වටේට මේ විදියට සුදු අළු බැඳුණට පස්සේ, අර පිරමීඩයක් වගේ තියපු අඟුරු ගොඩ ග්‍රිල් එකේ අඩිය පුරාම සමව විහිදුවන්න (Spread කරන්න). අන්න ඒ වෙලාව තමයි මස් කෑල්ලක් ග්‍රිල් එක උඩට දාන්න තියෙන නිවැරදිම සහ හොඳම උෂ්ණත්වය. මේ වෙලාවෙදි ගින්දර දළු දාලා පිච්චෙන්නේ නෑ, හැබැයි අඟුරු වල තියෙන උපරිම උෂ්ණත්වය පිටතට නිකුත් කරනවා.




රහස 03: Two-Zone Grilling - මස් කරවෙන්නේ නැතිව ඇතුළතින් තම්බා ගන්නා අතිවිශේෂ ක්‍රමය


මේක තමයි අද අපි කතා කරන වටිනාම රහස. ඔබ සුපිරි හෝටලයකින් (Star class hotel) BBQ මස් කැබැල්ලක් කෑවොත්, ඒකේ පිටත හරිම ක්‍රිස්පි (Crispy) ගතියට ලස්සන දුඹුරු පාටින් තියෙනවා වගේම, ඇතුළත හරිම මෘදුයි, යුෂ පිරිලා (Juicy) තියෙනවා. ඒ කොහොමද එහෙම වෙන්නේ? ඒකට කියන්නේ Two-Zone Grilling (කලාප දෙකේ ග්‍රිල් කිරීම) කියලයි.
අපේ අය කරන්නේ ග්‍රිල් එකේ අඩිය පුරාම එක සමානව අඟුරු අතුරලා ඒක උඩින් මස් දාන එක. එතකොට මුළු ග්‍රිල් එකේම තියෙන්නේ එකම අධික රස්නයක්. ඒක පාලනය කරන්න බැහැ.

Two-Zone ක්‍රමය සකසන ආකාරය:


ඔබ අර කලින් පත්තු කරගත්තු අඟුරු ටික ග්‍රිල් එක පුරාම විහිදුවන්නේ නැතුව, ග්‍රිල් එකේ එක් පැත්තකට විතරක් (උදාහරණයක් විදියට වම් පැත්තට විතරක්) ගොඩ කරන්න. දැන් ග්‍රිල් එකේ දකුණු පැත්තේ කිසිම අඟුරු කැබැල්ලක් නැහැ.
දැන් ඔබේ ග්‍රිල් එකේ කලාප (Zones) දෙකක් තියෙනවා:


Direct Heat Zone (සෘජු තාප කලාපය): අඟුරු තියෙන පැත්ත. මෙතන රස්නය ඉතාම වැඩියි.


Indirect Heat Zone (වක්‍ර තාප කලාපය): අඟුරු නැති පැත්ත. මෙතනට එන්නේ අනිත් පැත්තෙන් එන රස්නය විතරයි. ඒ කියන්නේ රස්නය අඩුයි. (හරියට අවන් එකක් වගේ).


මේකෙන් මස් පුච්චන්නේ කොහොමද?


පළමු පියවර (Searing): මුලින්ම ඔබේ මස් කැබැල්ල අර අධික රස්නය තියෙන (අඟුරු තියෙන) පැත්තෙන් තියන්න. එක පැත්තක් විනාඩි 2ක් 3ක් වගේ තියලා අනිත් පැත්ත හරවන්න. මේකෙන් වෙන්නේ මස් කෑල්ලේ පිටත ලස්සන දුඹුරු පාට වෙලා, මස් එකේ තියෙන යුෂ (Juices) ටික එළියට යන්නේ නැතිවෙන්න ලොක් (Lock) වෙන එකයි.

දෙවන පියවර (Cooking Through): දැන් මස් කෑල්ලේ
පිටත ලස්සන පාටට ඇවිත් තියෙන්නේ. හැබැයි ඇතුළ අමුයි. දිගටම ඒ රස්නේ තියෙන පැත්තේ තිබ්බොත් මස් එක කරවෙලා යනවා. ඒ නිසා දැන් මස් කෑල්ල අරගන්න අර අඟුරු නැති, රස්නය අඩු පැත්තට (Indirect Heat Zone). ඊට පස්සේ ග්‍රිල් එකේ පියන වහන්න.
දැන් මස් කෑල්ල කිසිම විදියකින් කරවෙන්නේ නැහැ. හරියට අවන් එකක් ඇතුළේ තියෙනවා වගේ හෙමින්, හෙමින්, ඇතුළතටම හොඳින් තැම්බෙනවා.



මේ හැමදේම සාර්ථක වෙන්න නම්... ඔබ අඟුරු ගැන හිතන්නම ඕනේ!


අපි මේ කතා කරපු හැම තාක්ෂණයක්ම, හැම රහසක්ම ඔබට 100%ක් සාර්ථක කරගන්න නම්, ඔබ පාවිච්චි කරන අඟුරු වල ප්‍රමිතිය ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ.
සාමාන්‍ය කඩෙන් ගන්න ලාභ ලී අඟුරු මේ වැඩේට ගොඩක් වෙලාවට ගැලපෙන්නේ නැහැ. ඒවගේ අධික දූවිලි සහ කුඩු තියෙනවා. ඒ වගේම ඒ අඟුරු හරියට කාබන්කරණය වෙලා නැති නිසා පුදුම විදියට දුම දානවා, අළු සහ ගිනි පුළිඟු විසිවෙනවා. අනිත් ලොකුම ප්‍රශ්නේ තමයි, ලී අඟුරු ඉක්මනින් පිච්චිලා ඉවර වෙනවා. ඔබ අර කතා කරපු "Two-Zone" ක්‍රමයට මස් කෑල්ල හෙමින් තම්බාගන්න පැයක් විතර යද්දී, සාමාන්‍ය ලී අඟුරු ටික පිච්චිලා අළු වෙලා ගිහින් ඉවරයි!
අන්න ඒකට තමයි ලංකාවේ අපේම දේකින්, උසස්ම තාක්ෂණයක් යොදාගෙන "Coco Burnz" අපි ඔබට අලුත්ම විසඳුමක් ගෙනාවේ.




ඇයි Coco Burnz ඔබේ BBQ එකට අත්‍යවශ්‍යම වෙන්නේ?


දුමක් හෝ ගඳක් නැත (Smokeless & Odorless): Coco Burnz අඟුරු කැට නිපදවන්නේ 100%ක්ම ස්වභාවික පොල් කටු වලින්. ඒවා ඉහළ උෂ්ණත්වයක් යටතේ සම්පූර්ණයෙන්ම කාබන් බවට පත් කරලා තියෙන නිසා, දැල්වෙනකොට ඇස් කඩන දුමක් එන්නේ නෑ.

දිගු වේලාවක් දැල්වීම (Long Lasting Burn): සාමාන්‍ය අඟුරු වගේ නෙවෙයි, අපි මේවා අධි පීඩනයක් යටතේ ෂඩාස්‍රාකාර (Hexagonal) හැඩයට සම්පීඩනය (Compress) කරලයි නිපදවන්නේ. ඒ නිසා එක Coco Burnz අඟුරු කැටයක් පැය 3කට වඩා වැඩි කාලයක් එකම උෂ්ණත්වයකින් දැල්වෙනවා.

පිරිසිදුකම (No Sparking or Ash flying): ගිනි පුළිඟු විසිවෙන්නේ නැති නිසා ආරක්ෂිතයි. ඒ වගේම දැවී ගිය පසු ඉතිරි වන්නේ ඉතාමත් සුළු අළු ප්‍රමාණයක් (Low Ash) පමණයි.
ඉතින්, ඊළඟ දවසේ ඔයාගේ පවුලේ අයත් එක්ක හරි, යාළුවොත් එක්ක හරි බාබකියු (BBQ) එකක් දාන්න ලෑස්ති වෙනකොට අද අපි කතා කරපු මේ රහස් 3 මතක් කරගන්න. ස්වභාවධර්මයෙන් අපිට ලැබුණු "කප්රුකේ" වටිනාකම අඳුරගෙන, පරිසරයටත් ආදරය කරමින්, ඔබේ මීළඟ BBQ එක අතිසාර්ථක කරගන්න, අදම Coco Burnz අත්හදා බලන්න!


සුවදායී සහ රසවත් BBQ සාදයකට Coco Burnz අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්!




Share :